Slide # 1

Slide # 1

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 2

Slide # 2

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 3

Slide # 3

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 4

Slide # 4

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 5

Slide # 5

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Social Media Exchange Website - Likenation

Monday, May 6, 2013

ල සිත් මාලිංග අයියේ උඹට ලියන මම උඹල ගහන ක්‍රිකට් ගහපු ක්‍රිකට් වලට ආදරේ කරන කොල්ලෙක්. දැන් අයිපිඑල් එකත් නැගලම යනවනේ. සමහරු උඹල අයිපීඑල් ගියාට බැන්න. සමහරු මුකුත්ම කිව්වේ නෑ හොල්මන් වෙලා වගේ හිටියෙ. මම කිව්වේ නම් එක උඹලගේ කැමැත්ත කියල. එහෙම කියපු තවත් පිරිසකුත් හිටිය මම විතරක් නෙමේ. මේක උඹලගේ රස්සාවනේ. රස්සාව නොකර වෙන මොනවා කොරන්නද නේද?? රාජකාරිය දේවකාරියටත් වැඩිය ලොකුයිනේ.


  සමහරු කියනවා දැන් උඹ සෙල්ලම් කරන්නේ සල්ලිවලට කියල රට වෙනුවෙන් නෙමේලූ‍. කොහොම හරි මේපාර අයිපිඑල් එකෙන් එක බොරු කියල ඔප්පු උනා. උඹේ සෙල්ලම් මේපාර හරිගියේ නෑනේ වෙනද වගේ. මට හිතෙන්නේ දැන් තාක්ශනේ දියුණු වෙලා තියෙනකොට උඹල කොහොමද තාක්ෂනෙත් එක්ක සෙල්ලම් කොරන්නේ. ඉන්ටර් නැෂනල් ලෙවෙල් එකේ බැට්ස්මන්ලට උඹලව දැකලම දැන් පුරුදු වෙලා. හැබැයි එදා මැච් එකේ ගේල් අයියට දාපු බොල හතරනම් සුපිරි ඈ.. පරණ මාලිංග තාමත් ඉන්නවා කියල එදා අපි දැක්ක. ආඩම්බරයි ඈ... ඔය පහල පොටෝ එකේ දාල තියන බොලේ අදාළ මැච් එකේදී හසිට,දෝනිට එහෙම දැම්මනං උන් අවුට් වෙන්නේ නෑ මට සුවර් කොහෙන් හරි පිත්ත දාල බේරෙනවා.


  ඕක අලූ‍ත් ඩයල් එකකක් නිසා තමයි මාට්ටු උනේ මම දකින විදිහට. මම කලින් කිව්වා වගේ ඔය හසී දෝනි වැඩේ බැටාල උඹගැන හොඳට බලල තමයි බැට් කොරන්න එන්නේ. පරණ ප්‍රොෆිෂනල් බැටාල උඹේ ට්‍රික්ස් අඳුරනවා දැන්. අලූ‍ත් ටිකක් හොයාගන්න කාලේ හරි දැන්නම්.


  අනිත් එක මොකක්ද බං අර උඹ —මාද්‍ය˜ කියන එකාට කිව්ව අර ගොන් කතාව. උ ගැන දන්නේ නෑ වගේ හරියට බලපන් උන් උඹට කොරපු දේ.. දැන් බලපන් මොන මගුලක් උනත් ඒකතාවමනේ පොඩි එකා පවා කියන්නේ. හැබැයි මම දකින විදිහට එකෙනුත් උඹට දෙයක් තේරෙන්න ඕනේ, අපේ උන් තාමත් උඹට ආදරෙයි එදා වගේම. දේසපාලූ‍වෙක් එහෙම ඔය වගේ ගොන් කතාවක් කිව්වනම් දවස් දෙකයි තුනයි එක ඉවරයි (උන් ගමදාම ගොන් කතා කියනවනේ ඉතින්) උඹ කියපු එකට තාමත් කෑ ගහන්නේ ඇයි??? උඹට තාමත් ඉස්සර වගේ ආදරේ නිසා. උඹව ඕනේ නිසා. උඹේ වැරදි නැතුව නෙමේ, මම මේ උඹව සුද්ද කරනවා නෙමේ, මගේ මැටි මොලේට (මැටි උවත් සම්පතකි) තේරෙන දේ තමයි මේ කියන්නේ. තව එකෙක් මේක දැකල මට අම්බානෙක බනින්නත් ඉඩ තියනවා, කමක් නෑ උඹට තියන ආදරේට මම මේක ලියනවා ඒ උනාට. සමහරක්ට මතක නැති උනාට මටනම් තම මතකයි අර ඕස්ට්‍රේලියාවේදී මැතිව්ස් එක්ක උඹ 50ක් ගහල දිනවල දීපු මැච් එක එහෙම. හැබැයි උඹ ටෙස්ට් වලින් අයින් උන එක නම් හෙන කැත වැඩේ හරිද..

 මගේ අසාවක් තියෙනවා මේපාර අයිපීඑල් එක ඉවර වෙන්න ඕනේ විදිහ ගැන.මෙන්න මෙහෙමයි අහගනින්කෝ ඈ..  කොහම හරි උඹලෑ ටීම් එකයි ගේල් අයියගේ ටීම් එකයි ෆයිනල් එන්න ඕනේ සංඟල තුන වෙනවනම් හොඳයි. මහේල, මැතිව්ස් ගැන කතාකොල්ල වැඩක් නෑනේ. දැන් උඹල දෙගොල්ලෝ ෆයිනල් ආව කියමුකෝ මම ආස මෙන්න මේක වෙනවටයි, ඉස්සෙල්ල බැට් කරන්න ඕනේ ගේල් අයියල. ගේල් අයියයි ඩිවිලියසුයි උඹලට අම්බානෙක කෙලින්න ඕනේ. ඩිල්ශානුත් ටිකක් ගහපුදෙන්. කෝලිය බින්දුවටම යන්න ඕනේ උඹේ බෝලෙකට. හැබැයි උන් කොච්චර ගැහැව්වත් උඹ විරය වෙන්න ඕනේ ලකුණු 15කට විතර විකට් 3ක් විතර අරන්. අනිත් උන්ට අම්බානෙක නෙලන්න ඕනේ, ජෝන්සන්ට එහෙම. (හොඳ බෝලස් ඒ උනාට උඹ විතරයි වැදඩ්ඩ වෙන්න ඕනේ) හර්බජාන්ට 50ක් 60ක් විතර ගහනවානම්  මරේ මරු. ඊට පස්සේ උඹලත් තටමල තටමල උන් ගහපු ගානම ගහල මැච් එක සම වෙලා උඹ සුපිරියට සුපිරි ඕවරේ දාල උඹල මැච් එක දිනන්න ඕනේ. ඕක තමයි මගේ ආසාව. (නොකිව්වට මෙහෙම දෙයක් වෙනවට අපේ ගොඩක් උන් ආස ඇති මයේ හිතේ)

 මම එහෙනම් නවතින්නම් උඹට ජය, මොලේ කල්පනා කොල්ල වැඩ කරහන් අපේ දේසපාලූ‍වෝ ටික වගේ නැතුව.

බුදුසරණයි


ඡායාරූප ගත්තේ අයිපී එල් නිල වෙබ් අඩවියෙ මෙතනින්

කාට හරි මේක විකාරයි වගේනම් ගණන් ගන්න එපා ඈ.. මේ මගේ හැටි....කාට හරි මේක විකාරයි වගේනම් ගණන් ගන්න එපා ඈ.. මේ මගේ හැටි....

5 ප්‍රතිචාර:

  1. විකාරයක් වගේ පෙනුනට පොඩි කොල්ටියකුත් තියනවා නේ.එල ආ.හැබැයි මේපාර wicket අවේ නැතිඑක නම් කුජීතයි

    ReplyDelete
    Replies
    1. අමුතු අදහස් ටිකක් ඔලුවට ආව.

      Delete
  2. ක්‍රිකට් ගැන ඉතා ඉහල දැනීමක් තියන නිසා comment නොකරමි.............
    මේ දැම්මෙත් comment එකක් නෙමේ..........

    ReplyDelete
  3. මරු අදහස් ටික..මාලිංග අය්යටත් මේක පෙනේවා...

    ReplyDelete

Please leave a comment. It should be the your signature for this site..
We don't take any responsibility about your comment...

අපේ පිරිවර