Slide # 1

Slide # 1

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 2

Slide # 2

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 3

Slide # 3

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 4

Slide # 4

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 5

Slide # 5

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Social Media Exchange Website - Likenation

Tuesday, October 15, 2013

w¨‍;a Ôfï,a tljqkaÜ j,ska tia'tï'es hjkak nE''''


  uf.a hd¨‍fjla ,ÕÈ ojil weyeõjd gmail j,ska sms hjkafka fldfyduo lsh,'' uu b;ska hjk úÈythdg lsh, ÿkak'' ta lshmq úÈyg l,du fjk fudllao tlla ;uhs fjkjd lsõfõ'' 
 miafia uu;a álla fïl fydh, ne¨‍j uf.a mrK tljqkaÜ tflakï hjkak mq¿jka'' w¨‍;a tlg;a f,d.a fj,d ne¨‍j Bg miafia'' y;a;s,õjg .ymq l,dnf¾ jf.a fukak hd¿jd lsõj úÈygu tfl;a fjk fudllao tlla tkafka bkajhsÜ fldrkak lsh,'' miafia fïl f.dvodk úÈy jrejla ú;r fyõjd you tube  fyõjd lsisu ùäfhda tlla ;sífí kE'' miafia ;uhs fï l%fï yïnqfka wyïfnka jf.a fudllafoda fjí ihsÜ tll ,djg ;sífí'' Tkak b;ska uu tlg ùäfhda tll=;a yeÿj'''


Monday, October 14, 2013

fmdfgdafIdma j,ska fjdag¾ udla n%Ia tlla youq''


 wmamd ldf,lska íf,d.a tl me;af;a wdfõ''' fldfyduo b;ska lÜáh ikSfmka iefmka bkakjo@@ ugkï f,dl= flia f.dvla Wkd myq.sh ojia áfla'' tajd fjk fj,djl lshkakïfld''  

  fmdä ùäfhda lE,a,la yeÿj tl §, hkakhs íf,d.a tl me;a;g ßx.=fõ'' mrK úÈyg neß Wk;a wfhu;a ál ál fmdiaÜ ,shkak mgka.kak ;uhs ys;ka bkafka'' fmdfgdafIdma j,ska wfmau lsh, is.afkap¾ tlla yod.kak úÈy ;uhs fïfla ;sfhkafka'' 

  fïfla ;shk úÈyg wfma w;aik Wk;a fmdfgda tlla úoyg wrf.k fï jf.a n%Ia tlla yod.kak mq¿jka' 

m,fjks jefâfka'' fyd| krl;a fmdâvla lsh,u hkak b;ska 

 fukak hqáhqí pek,atfla ,skalatl 



Wednesday, June 5, 2013

wfma fld,a,kaf.a jevla

fïojia j, uql=;a ,shkak ysf;kafk;a kE udru lïue,shs' wfma leïmia tfla fld,af,da ál fiÜ fj,d lshmq iskaÿjla hqáhqí tfla oeïu uu' Thd,;a wy, n,, fyd|kï lshkakflda'''


Monday, May 6, 2013

ð fï,a ´,a bka jka 


wo fïlhs lsh, fokak hk l;kaof¾' yefudagu jf.a Bfï,a tljqkaÜ fol ;=kla ;shkjfka' Th fiarf.au tl;=jla ta lshkafka tllg ú;rla f,d.a fj,d ;shk wks;a tajf.kq;a fï,a hjkak mq¿jka úÈyla ;uhs lshkak yokafka' yenehs bkafndlaia tl n,kak kï wkslg f,d.a fjkaku fjkjd'

 oeka Th my,ska lsh, ;sfhk úÈyg jefâ lrf.k hkakflda'

uq,skau Ôfï,a tljqkaÜ tlg .syska fiáka.aia hkak



Bg miafia tljqkaÜia wekaâ bïfmd¾Üia



oeka zweâ wko¾ Bfï,a weâria hqj¾ Tõkaz  lshk tl isf,laÜ lrkak Bg miafia my, rEfma jf.a tlla ths'



Tf;kag wod< Bfï,a tl §,d zfklaiaÜz lrkak' ku leu;s kula fokak yenehs fu;k fok tflka Bfï,a hjkfldg jefgkafka T;k fok ku'




Bg miafia Wv rEfm ;sfhkjd jf.a tlla ths Tfla zfikaâ jeß*sflaIkaz fokak" §, wms fïlg weâ lrkak yok Bfï,a tlg f,d.a fj,d tlg tjmq fï,a tfla ;shk ,skala tlg hkak' ke;akï tj, ;sfhk fldaâ tl fldms lrf.k fmaiaÜ lr,d iy;sl lr.kak oeka jefâ f.dv'







oeka yß l,ska folhs ;sífí oeka ;=kla ;sfhkjd'









ල සිත් මාලිංග අයියේ උඹට ලියන මම උඹල ගහන ක්‍රිකට් ගහපු ක්‍රිකට් වලට ආදරේ කරන කොල්ලෙක්. දැන් අයිපිඑල් එකත් නැගලම යනවනේ. සමහරු උඹල අයිපීඑල් ගියාට බැන්න. සමහරු මුකුත්ම කිව්වේ නෑ හොල්මන් වෙලා වගේ හිටියෙ. මම කිව්වේ නම් එක උඹලගේ කැමැත්ත කියල. එහෙම කියපු තවත් පිරිසකුත් හිටිය මම විතරක් නෙමේ. මේක උඹලගේ රස්සාවනේ. රස්සාව නොකර වෙන මොනවා කොරන්නද නේද?? රාජකාරිය දේවකාරියටත් වැඩිය ලොකුයිනේ.


  සමහරු කියනවා දැන් උඹ සෙල්ලම් කරන්නේ සල්ලිවලට කියල රට වෙනුවෙන් නෙමේලූ‍. කොහොම හරි මේපාර අයිපිඑල් එකෙන් එක බොරු කියල ඔප්පු උනා. උඹේ සෙල්ලම් මේපාර හරිගියේ නෑනේ වෙනද වගේ. මට හිතෙන්නේ දැන් තාක්ශනේ දියුණු වෙලා තියෙනකොට උඹල කොහොමද තාක්ෂනෙත් එක්ක සෙල්ලම් කොරන්නේ. ඉන්ටර් නැෂනල් ලෙවෙල් එකේ බැට්ස්මන්ලට උඹලව දැකලම දැන් පුරුදු වෙලා. හැබැයි එදා මැච් එකේ ගේල් අයියට දාපු බොල හතරනම් සුපිරි ඈ.. පරණ මාලිංග තාමත් ඉන්නවා කියල එදා අපි දැක්ක. ආඩම්බරයි ඈ... ඔය පහල පොටෝ එකේ දාල තියන බොලේ අදාළ මැච් එකේදී හසිට,දෝනිට එහෙම දැම්මනං උන් අවුට් වෙන්නේ නෑ මට සුවර් කොහෙන් හරි පිත්ත දාල බේරෙනවා.


  ඕක අලූ‍ත් ඩයල් එකකක් නිසා තමයි මාට්ටු උනේ මම දකින විදිහට. මම කලින් කිව්වා වගේ ඔය හසී දෝනි වැඩේ බැටාල උඹගැන හොඳට බලල තමයි බැට් කොරන්න එන්නේ. පරණ ප්‍රොෆිෂනල් බැටාල උඹේ ට්‍රික්ස් අඳුරනවා දැන්. අලූ‍ත් ටිකක් හොයාගන්න කාලේ හරි දැන්නම්.


  අනිත් එක මොකක්ද බං අර උඹ —මාද්‍ය˜ කියන එකාට කිව්ව අර ගොන් කතාව. උ ගැන දන්නේ නෑ වගේ හරියට බලපන් උන් උඹට කොරපු දේ.. දැන් බලපන් මොන මගුලක් උනත් ඒකතාවමනේ පොඩි එකා පවා කියන්නේ. හැබැයි මම දකින විදිහට එකෙනුත් උඹට දෙයක් තේරෙන්න ඕනේ, අපේ උන් තාමත් උඹට ආදරෙයි එදා වගේම. දේසපාලූ‍වෙක් එහෙම ඔය වගේ ගොන් කතාවක් කිව්වනම් දවස් දෙකයි තුනයි එක ඉවරයි (උන් ගමදාම ගොන් කතා කියනවනේ ඉතින්) උඹ කියපු එකට තාමත් කෑ ගහන්නේ ඇයි??? උඹට තාමත් ඉස්සර වගේ ආදරේ නිසා. උඹව ඕනේ නිසා. උඹේ වැරදි නැතුව නෙමේ, මම මේ උඹව සුද්ද කරනවා නෙමේ, මගේ මැටි මොලේට (මැටි උවත් සම්පතකි) තේරෙන දේ තමයි මේ කියන්නේ. තව එකෙක් මේක දැකල මට අම්බානෙක බනින්නත් ඉඩ තියනවා, කමක් නෑ උඹට තියන ආදරේට මම මේක ලියනවා ඒ උනාට. සමහරක්ට මතක නැති උනාට මටනම් තම මතකයි අර ඕස්ට්‍රේලියාවේදී මැතිව්ස් එක්ක උඹ 50ක් ගහල දිනවල දීපු මැච් එක එහෙම. හැබැයි උඹ ටෙස්ට් වලින් අයින් උන එක නම් හෙන කැත වැඩේ හරිද..

 මගේ අසාවක් තියෙනවා මේපාර අයිපීඑල් එක ඉවර වෙන්න ඕනේ විදිහ ගැන.මෙන්න මෙහෙමයි අහගනින්කෝ ඈ..  කොහම හරි උඹලෑ ටීම් එකයි ගේල් අයියගේ ටීම් එකයි ෆයිනල් එන්න ඕනේ සංඟල තුන වෙනවනම් හොඳයි. මහේල, මැතිව්ස් ගැන කතාකොල්ල වැඩක් නෑනේ. දැන් උඹල දෙගොල්ලෝ ෆයිනල් ආව කියමුකෝ මම ආස මෙන්න මේක වෙනවටයි, ඉස්සෙල්ල බැට් කරන්න ඕනේ ගේල් අයියල. ගේල් අයියයි ඩිවිලියසුයි උඹලට අම්බානෙක කෙලින්න ඕනේ. ඩිල්ශානුත් ටිකක් ගහපුදෙන්. කෝලිය බින්දුවටම යන්න ඕනේ උඹේ බෝලෙකට. හැබැයි උන් කොච්චර ගැහැව්වත් උඹ විරය වෙන්න ඕනේ ලකුණු 15කට විතර විකට් 3ක් විතර අරන්. අනිත් උන්ට අම්බානෙක නෙලන්න ඕනේ, ජෝන්සන්ට එහෙම. (හොඳ බෝලස් ඒ උනාට උඹ විතරයි වැදඩ්ඩ වෙන්න ඕනේ) හර්බජාන්ට 50ක් 60ක් විතර ගහනවානම්  මරේ මරු. ඊට පස්සේ උඹලත් තටමල තටමල උන් ගහපු ගානම ගහල මැච් එක සම වෙලා උඹ සුපිරියට සුපිරි ඕවරේ දාල උඹල මැච් එක දිනන්න ඕනේ. ඕක තමයි මගේ ආසාව. (නොකිව්වට මෙහෙම දෙයක් වෙනවට අපේ ගොඩක් උන් ආස ඇති මයේ හිතේ)

 මම එහෙනම් නවතින්නම් උඹට ජය, මොලේ කල්පනා කොල්ල වැඩ කරහන් අපේ දේසපාලූ‍වෝ ටික වගේ නැතුව.

බුදුසරණයි


ඡායාරූප ගත්තේ අයිපී එල් නිල වෙබ් අඩවියෙ මෙතනින්

කාට හරි මේක විකාරයි වගේනම් ගණන් ගන්න එපා ඈ.. මේ මගේ හැටි....කාට හරි මේක විකාරයි වගේනම් ගණන් ගන්න එපා ඈ.. මේ මගේ හැටි....

Saturday, April 20, 2013

 
 



       කැම්පස් රැග් එක ගැන අනිත් ලිපිය ලියන තාම ගමන්, ඉක්මනටම එකත් දෙන්නම්. අද කියන්ඩ යන වැඩේ හරියන්නේ ක්‍රෝම් ඔපෙරා සහ ෆයර්ෆොක්ස් කියන බ්‍රව්සර් වලට තමයි...

මහදෙයක් කරන්ඩ නෑ බ්‍රව්සරේ ඕපන් කරලා Ctrl එකත් එක්ක O කී එක ඔබන්ඩකෝ (Ctrl+O) ඊට පස්සේ කැමති සින්දුවක් කොම්පියුටරෙන් තෝරලා ඒකඕපන් කරල බලන්ඩකෝ මොකද වෙන්නේ කියල...

මේ විදිහට වීඩියෝ එකක්, PDF ෆයිල් එකක් උනත් බ්‍රව්සරෙන් ඕපන් කරගන්ඩ පුළුවන්...

හැබැයි පොඩි අව්ලකට තියෙන්නේ ඉතින් එක සැරේකට එක ෆයිල් එකක් විතරයි ඕපන් කරන්න පුළුවන්. ප්ලේයර් වල වගේ ප්ලේලිස්ට් එහෙම හදාගන්න නම් බෑ ඉතිං. කට්ටියටම සුබ දවසක්!!


Friday, April 5, 2013

   කලනය පාඩමත් දැන් කෙරීගෙන යනවනේ අද හිතුව අන්තිමට කලනය E-Book එක හදපු සොෆ්වෙයර් එක දෙන්ඩ ඕනේ කියල.
 Kvisoft FlipBook Maker තමයි ඒ සොෆ්ට්වෙයාර් එක.

බලමු මේකෙන් වැඩ කරන්නේ කොහොමද කියල.

 පහල තියෙන රූපේ විදිහට තමයි මේක ඕපන් වෙන්නේ ඊට පස්සේ අපිට ඕනේ කරන ෆයිල් එක ඇඩ් කරගන්ඩ ඕනේ.


ඊට පස්සේ මේ රූපේ තියෙන විදිහට ෆයිල් එක ලෝඩ් වෙනවා.
ඒ විදිහට ලෝඩ් වෙච්චි ෆයිල් ටික පහල රූපෙ විදිහට දැකගන්ඩ පුළුවන්..


















දැන් ඉතින් එඩිට් කරගන්න වැඩ ටික තමයි තියෙන්නේ



















ඉහල රූපේ තියෙන විදිහට අපිට ෆයිල් එකේ එඩිට් කරගන්න වැඩටික කරගන්ඩ පුළුවන්..




ඩිසයින් කියන එකේදී කරන්ඩ තියෙන්නේ මේක බලන කෙනාට අසාවෙන් බලන්ඩ පුළුවන් විදිහට ලස්සන කරන එකයි බැක්ග්‍රවුන්ඩ් එකක් හරි ලස්සන තීම් එකක් හරි මෙතැනදී එකතු කරන්ඩ පුළුවන්.



පබ්ලිෂ් එකේදී අපිට ඕනේ විදිහට කමත් අකාරයකින් මේක සේව් කරගන්ඩ පුළුවන් EXE ෆයිල් එක විදිහට හදාගත්හහම එක ෆ්ලෑෂ් ප්ලේයර් එකක් මගින් බලන්ඩ පුළුවන්. එහෙනං පහලින් මේක බාගන්ඩකෝ..

සිරියල් එකත් එක්කම තියෙන නිසා කරදර වෙන්ඩ දෙයක් නෑ. බාගෙන වැඩ කරන්ඩ තමයි තියෙන්නේ..

ඔන්න මම බාගත්තු ටොරන්ට් එක තියනවා යටින් දාල ගිහින් බාගන්ඩ





Wednesday, April 3, 2013



    කලින් ලිපියෙන් සිමාව පිලිබඳ මුලික ප්‍රමේයයන් කතාකලානේ අද සීමාව ගැටළු විසඳන ආකාරය ගැන තමයි කියන්ඩ හදන්නේ. ඊට කලින් තව දෙයක් තියෙනවා දැනගන්ඩ ඕනේ කරන, ඒ තමයි අනිර්නේය අවස්ථා. අපි බලමු මොනවද මේ අනිර්නේය අවස්ථා කියල....



එලෙස අනිර්නේය ආකාරයක් ලැබේනම් එය මගහැර ගැටලුව විසඳිය යුතුය. මෙවැනි ගැටළු විසඳන ආකාර 4ක් ඇත..
     
1.    සුලුකිරීමේ ක්‍රමය.

2.    හරයේ හෝ ලවයේ ප්‍රතිබද්ධයෙන් හරයත් ලවයත් ගුණකිරීම.

3.    හරයත් ලවයත් xහි බලයකින් බෙදීමේ ක්‍රමය.

4.    සම්මත ප්‍රමේය භාවිතාකිරීම.

  අද ලිපිය ගොඩක් ලොකු එකක් සේරම මේකේ දැම්මොත් ඔයාලට කලනයත් එපා වෙයි මාවත් එපා වෙයි ඒ නිසා ලස්සන E-Book එකක් විදිහට හදපු ෆයිල් එකක් තියෙනවා කලින් ලිපියත් එකට එකතු කරලයි තියෙන්නේ,





















      මෙතනින් ගිහින් බාගන්ඩ වැඩේ ගැන අදහසකුත් කියලම යනවනම් සන්තෝසයි මොකද ගොඩක් මහන්සි වෙලා තමයි මේවා හදන්නේ කිසිම ලාබ ප්‍රයෝජනයක් නැතුව.


Saturday, March 30, 2013

සීමාව


ඔන්න එහෙනං දෙයියනේ කියල කලනය පටන්ගන්ඩයි හදන්නේ, කලනය ගැන හැඳින්වීමක් කලින් මම කලානේ, ඒ ලිපිය බැලුවේ නැත්නම් මෙතනින් බලන්ඩකෝ 
කලනයේදී ඇති සංකේත බ්ලොග්පොස්ට් එකක නිවැරදිව පල කිරීම අපහසු නිසා වර්ඩ් වර්ඩ් වල ලියපු චායාරුප තමයි මේ ලිපිවලට ඇතුලත් කරන්ඩ වෙන්නේ. අපහදිලිතාවයක් තියෙනවනම් සමාව ඉල්ලනවා සේරගෙන්ම. එකට විසඳුමක් විදිහට මෙත් ලිපියත් සමග එයට අදාළ PDFෆයිල් එකකුත් ඔයාල වෙනුවෙන් අප්ලෝඩ් කරන්නම්.



මුලික සීමාව (ශ්රිතයෙක සීමාව)


 ƒ  යනු x නම් වූ තාත්වික විචල්‍යක ශ්‍රිතයක් නම් මෙය a යන තාත්වික අගයකට සමාන නොවී a කරා ආසන්න වන විට  ƒ (x) සිට a හැසිරීම පිළිබඳව මව් යටතේ සලකයි. මෙහිදී x, ƒ හි වසමේ තිබීම අනිවාර්ය නොවේ. එනම් x=a හිදී ƒ අර්ථ දක්වා තිබීම අනිවාර්ය නොවේ. aට අඩු හා වැඩි, aට ආසන්නයේ වූ සියලු අගයන් සඳහා ƒ අර්ථ දක්වා තිබීම සෑහේ. x හි අගය a කරා ආසන්න වීම ක්‍රම දෙකකට සිදුවිය හැක.
           
            1)   x, aට අඩු අගයන් තුලින් a කරා ආසන්න වීම.

             2)  x, aට වැඩි අගයන් තුලින් a කරා ආසන්න වීම.


xa විට ƒ(x)I යැයි ගනිමු මෙය පහත පරිදි අංකනය කෙරේ



  සීමාව පිලිබඳ මුලික ප්‍රමේය ටික සේරම දැනගෙන තමයි ගැටළු වලට යන්ඩ ඕනේ. මේ ටික ඉදිරියේදීත් වැදගත් වෙනවා.

අද පාඩම මෙච්චරයි අනිත් පාඩමේදී සීමාව පිලිබඳ ගැටළු විසඳීම ගැන ලියන්ඩ තමයි මගේ අදහස. කියවන අයගේ අදහස් ලහලින් කමෙන්ටුවක් විදිහට ලියන්ඩ එතකොට තමයි මට තවත් ලියන්ඩ ආසාව ඇතිවෙන්නේ..

මේ ලිපියට අදාළ PDF ෆයිල් එක මෙතනින් බාගන්ඩ

Password= ukussablog


   ඔන්න මම අද ඉඳන් අලුත් වැඩක් පටන්ගන්ඩ හදන්නේ  හැබැයි මේක පිරිසකට සිමාවෙච්චි වැඩක් කලනය කියන මාතෘකාව ගැන අද ඉඳන් ලිපි ලියන්ඩයි හදන්නේ. මුලින්ම හැඳින්වීමක් කරලා ඉන්නම්කො ඒගැන. මුලින් දාන පොස්ට් වලට ඔයාලගේ ප්‍රතිචාර බලල තමයි වැඩේ දිගටම කරනවද නැද්ද කියල තීරණය කරන්නේ සමහරුන්ට කලනය කිව්වම හරියට එක මහා බයානක දෙයක් වගේ කිව්ව ගමන් අම්මෝ කියල තමයි කියන්නේ.
 කලනය (කලනය යන අරුත් දෙන Calculus නම් ඉංග්‍රීසි වදන, ලතින් බසෙහි Calculus යන්නෙන් ව්‍යුත්පන්න වී ඇති අතර, ගණන් කිරීමට යොදා ගන්නා කුඩා ගල් වර්ගයකි යන අදහස දෙයි.) යනු සීමා, ශ්‍රිත, ව්‍යුත්පන්න, අනුකල, සහ අපරිමිත ශ්‍රේණි පිළිබඳ අධ්‍යයනය කෙරෙන ගණිතයේ ශාඛාවකි. මෙම විෂයය නවීන ගණිත අධ්‍යාපනයේ ප්‍රධාන කොටසකි. අවකලනය සහ අනුකලනය වශයෙන් එහි ප්‍රධාන ශාඛා දෙකක් පවතින අතර, ඒවා කලනයේ මූලික ප්‍රමේයය ඔස්සේ එකිනෙක හා බැ‍ඳේ.
ඉංජිනේරු විද්‍යාවේ සහ විද්‍යාවේදී කලනය බහුලව භාවිතා වන අතර වීජ ගණිතය ඇසුරෙන් පමණක් විසදිය නොහැකි ගැටළු විසදීම සදහා භාවිතා වේ. කලනය ගොඩනැගීම සදහා වීජ ගණිතය, ත්‍රිකෝණමිතිය සහ විශ්ලේෂි ජ්‍යාමිතිය බාවිතා වී ඇති අතර එයට කුලකයේ මූලික ප්‍රමේය මගින් එකිනෙකට සම්බන්ධ වී ඇති අවකලනය හා අනුකලනය නම් ප්‍රධාන කොටස් 2 ක ට අයත්ය. උසස් ගණිතයේදී කලනය, විශ්ලේෂණය යනුවෙන් හැදින්වෙන අතර ශ්‍රිතයන් පිලිබද අධ්‍යයනය ලෙස අර්ථ දැක්වේ.


කලනයේ මූලික මාතෘකා

මූලික ප්‍රමේය
ශ්‍රිතයක සීමාව
සාන්තත්‍යය
දෛශික කලනය
න්‍යාය කලනය
මධ්‍යන්‍යය අගය පිළිබද ප්‍රමේයය


අවකලනය

ගුණිත නියමය
ලබ්ධි නියමය
දාම නීතිය
අධ්‍යාගෘත අවකලනය
ටේලර් ප්‍රමේය
සම්බන්ධිත අනුපාත
අවකලන ලැයිස්තුව
සර්ව සාම්‍යයන්


අනුකලනය


අනුකල ලැයිස්තුව
විෂම අනුකල
කොටස් වශයෙන් අනුකලනය
තැටි ලෙස අනුකලනය
සිලින්ඩර් ලෙස අනුකලනය
කවච ලෙස අනුකලනය
ආදේශක අනුකලනය
ත්‍රිකෝණමිතික ආදේශක අනුකලනය
භින්න භාග

ඉහතින් දක්වා ඇත්තේ විකිපීඩියා නිදහස් විශ්වකෝෂයේ කලනය වෙනුවෙන් ඇති ලිපියෙන් කොටසකි..
වැඩේ ගැන ඔබේ අදහස කමෙන්ට් එකක් විදිහට පහලින් ලියල යන්ඩ.. කලනය ලිපි පෙළ ලියවෙන්ද ඕනේ විදිහ ගැන අදහසක් තියනවනම් එකත් ලියන්ඩ


Thursday, March 28, 2013



    මම මේ කියන්ඩ යන ක්‍රමේට කිසිම සොෆ්ට්වෙයාර් එකක් වෙබ් අඩවියකට ලොග් වීමක් අවශ්‍ය වෙන්නේ නෑ. ගොඩක් අය දන්නවා ඇති නොදන්නා අය වෙනුවෙනුයි මේක ලියන්නේ. (ඕන වෙන්නේ කීබෝර්ඩ් එකක් විතරයි :D ) 




   ඕනේ කරන අඩවියට ගිහින් ctrl + p කියන කමාන්ඩ් එක දුන්නහම පහල රූපේ වගේ එකක් එයි. 


  ඔකේ 1 කියල තියෙන තැන PDF සිලෙක්ට් වෙලා තිබ්බේ නැත්නම් Change ගියහම පහල රූපෙ වගේ එකක් එයි එකෙන් හදාගන්ඩ පුළුවන්

දැන් ඉතින් සේව් කරගන්ඩ තමයි තියෙන්නේ. ආයෙමත් හම්බෙමු එහෙනම්. ආයුබෝවන්!!

 
යාවත් කාලින කිරිම.. 11/04/2013
මම වින්ඩෝස්8 වලට මාරු උනා ඒකෙත් මේ වැඩේ කරන්න ට්‍රයි එකක් දුන්න එක හරියන්නේ නෑ මේක වින්ඩෝස්7 වලට විතරයි හරියන්නේ.. XP වලටනම් කොහොමද දන්නේ නෑ දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ටුවක් දාන්න..
 
 

Wednesday, March 27, 2013


  පෙරුම් පුරලා පුරලා යන්තම් දෙයියනේ කියල  2013/03/23 පටන් ගත්ත දැයට කිරුල බලන්ඩ මමත් 24 වෙනිදා ගියා.. මමත් මේ දවස් වල අම්පාරේ වැඩිපුර ජිවත් වෙන නිසා වැඩේ ලේසිඋනා. (කැම්පස් එකේ කොල්ලෝ ටිකක් එක්ක තමයි ගියේ). මේසැරේ දැයට කිරුළ පටන්ගන්ඩ පරක්කු උන එකටනම් සාදාරන හේතු තිබ්බ.. මොකද මේකේ වැඩ අවසන් කරන්ඩ ඕනේ කාලේ දරුණු විදිහට අම්පාරට වහින්ඩ ගත්ත.. අම්පාරට විතරක් නෙමේ ඒ වැස්ස ලංකාවටම බලපෑව. මම මේ ලිපියෙන් කියන්ඩ යන්නේ දැයට කිරුළෙන් අම්පාරට ලැබිච්ච/නැතිවෙච්ච දේවල් ගැන මට හිතෙන මම දකින දේ...

  මම මුලින්ම අම්පාරට ගියේ 2011ඔක්තෝම්බර් 31වෙනිදා.. එදා අම්පාර දැක්කහම අනේ අපොයි කියල මට හිතුන මොකද කොළඹට තදාසන්න ප්‍රදේශයක හැදිච්ච මට අම්පාර දිස්ත්‍රික්කේ ප්‍රධාන නගරේ හැටි දැක්කහම  ලොකු කලකිරීමක් ඇති උනා.. වත්තල,රාගම,කඩවත,කඳාන,මහබාගේ,ජා-ඇල, වගේ නගරවල නිතර ගැවසුන මාව නිකම් කරකවල අතාරියවාගේ උනා. ප්‍රධාන නගරයක් උනාට අඩුම තරමේ පාරවල් ටිකවත් හොඳට නෑ.. හැබැයි දැන් පාරවල් ටිකනම් හොඳට හදල තියෙනවා කඩවත ටවුන් එකේ වගේ, වැඩේ කියන්නේ දවසට දෙකට පුවක් ගස් වගේ සයිස් එකට ෆාම්ගස් පැලවෙලා තියනවා. :D 
  මේක නිසා අම්පාර හැදී තාක්ෂණ ආයතනයටම්නම් ගොඩක් දේවල් ලැබුණ. නමුත් ඒ අහල පහලම තියෙන රජයේ විශ්ව විද්‍යාලයක් වෙන අග්නිදිග විශ්ව විද්‍යාලයට නම් ලබිච්චදෙයක් නෑ.. ඉංජිනේරු පීටයක් නම් ලැබුණ හැබැයි ඒ දැයට කිරුළ නිසා නෙවෙයි.. මේ දවස්වල අම්පාරේ රථවාහන සැලැස්ම ගැනත් කියන්ඩ ඕනේ එක නම් හරිම දුර්වලයි.. බස් ස්ටෑන්ඩ් එකේ ඉඳල කෙලින්ම නුවර පාරට බස් දාන්ඩ දෙන්නේ නෑ හෙන රවුමක් ගහල තමයි නුවර පාරට දාගන්ඩ වෙන්නේ. හැබැයි අවලා කියන්නේ කොච්චර මොනවා හැදුවත් බස් ස්ටෑන්ඩ් එකනම් තාමත් අර 2011දී තිබ්බ විදිහමයි. ඔන්න ඔය විදිහට තමයි මේපාර දැයට කිරුළ මම දැක්කේ සාරාංශයක් විදිහට තමයි මේක ලිව්වේ ඔයාලගේ අදහසත් පහලින් ලියල යන්ඩකෝ.. 



   සභාවෙන් අවසරයි

 මේ මම ලියන්ඩ පටන් ගන්න දෙවෙනි බ්ලොග් එක. කලින් ටොප් වැඩක් (Great Work) කියල බ්ලොග් එකක් කළා. මගේ අතින් උන වැරද්දක් නිසා බ්ලොග් එක සම්පුර්ණයෙන්ම මැකිලා ගියා. මම අවුරුද්දක් විතර එක කරගෙන ගියා. ඒවා සේරම අමතක කරලා දාල ඔන්න මම මුල ඉඳන් අලුතෙන් මේ බ්ලොග් එක ලියන්ඩ පටන්ගන්නවා. මට කලින් වගේම බ්ලොග් කියවන ඔයාලගේ උදව් සහයෝගය ඕනේ..
  ළඟදීම වටිනා කියන ලිපිත් එක්ක මම ආයෙත් එන්නම්!! හැමෝටම සුභ දවසක්!!

Sunday, March 10, 2013





api apita Blog Reader
sinhalaya sindiya

අපේ පිරිවර